මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය විසිනුයි.
“සංචාරක උදාව” මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනා ගැනීමට අනගි අවස්ථාවක් වනවා.
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පැවසුවේ සංචාර ක්ශේත්‍රය වර්ධනය කිරීම සදහා රජය කැපවීමෙන් කටයුතු කරන බවයි.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











