2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා
2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1ක් වනවා.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය සියයට 4.9%ක වර්ධනයක් බවයි.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දහ නව ලක්ෂ 72,957ක් වනවා.
ඒ අතරින් සංචාරකයින් 443,622ක් ඉන්දියාවෙන්, 180,59ක් එක්සත් රාජධානියෙන්, 144,308ක් රුසියාවෙන්, 123,053ක් ජර්මනියෙන් සහ 115,400ක් චීනයෙන් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
නොවැම්බර් මාසයේ 01 වනදා සිට 12 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270ක් බවද එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරනවා.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











