දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවති තෙවන හා අවසන් විස්සයි විස්ස තරඟ කඩුළු 4න් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2ට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.
මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලද පළමු ජයග්‍රහණයද වනවා.
තුන්වන විස්සයි විස්ස තරඟයේ පළමුවේ පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 155ක් රැස් කළා.
එහිදී දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාට් ලකුණු 56ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 24ට කඩුළු 3ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 156ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- ලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
- ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළට
- මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා
- මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක
- 2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
- ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
- කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තග දැම්ම දෙදෙනෙක් කූඩු
- ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ උපදේශාත්මක රැස්වීමක්