ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබාගැනීමට සමත් වූවා.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් දීප්ති ශර්මා ලකුණු 53ක් ලබාගැනීමට සමත් වූවා.
Amanjot Kaur ලකුණු 57ක්ද හර්ලීන් ඩියොල් ලකුණු 48ක්ද ප්‍රටිකා රාවල් ලකුණු 37ක්ද ලබාගැනීමට සමත් වූවා.
ඉන්දීය කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur ලකුණු 21ක් ලබාගත්තා.
නොදැවී පන්දුවට පහර දුන් Sneh Rana ලකුණු 28ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර පන්දුවට 9කදී ලකුණු 46ක් ලබාදී කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූවා.
උදේෂිකා ප්‍රබෝධනී කඩුලු දෙකක්ද අචිනි සහ චමරි එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.
තරගය අතරතුරු ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා කෙරුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 270ක් ලබාගත යුතු වනවා.