රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද අවසන් තීරණයක් ගැනීමට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් රැස් වනවා.
ඒ සඳහා ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිතයි .
වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ඒ සඳහා තවත් සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි .