කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදිකළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානය පසුගියදා (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත විය.
මෙම රුපියල් මිලියන 356ක මුදල වැයකර තිබෙන්නේ අක්කර 150ක මිරිස් වගාව, ඊට අවශ්‍ය උපාංග මෙන්ම මෙම සැකසුම් මධ්‍යස්ථානයේ සියලුම යන්ත්‍රසූත්‍ර උපකරණ හා සම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ය.
වගාව සඳහා ගොවීන් 300කට අවශ්‍යය සියලු උපකරණ ද මෙම මුදල් ප්‍රතිපාදන යටතේ ලබා දී ඇත.
මේම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා දී තිබේ.
මෙම ප්‍රදේශයේ ගොවීන් 300ක් විසින් මිරිස් අක්කර 150ක වගා කරන අතර එම වියළි මිරිස් දේශීය වෙළෙඳපලට සරිලන අයුරින් සැකසුම් කිරීම හා ඇසුරුම් කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ.
මෙම වියළි මිරිස් සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
දැනට අප රටේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500කි. නමුත් 2022 වසර වන තෙක් මෙරට වාර්ෂික වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් විය.
ඉතිරි මෙට්‍රික් ටොන් 48,500ම ආනයනය කරනු ලැබිණි.
වසර ගණනාවකට පසුව 2023 වර්ෂයේ මෙරට සමස්ත වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා පැවැති ප්‍රමාණයට වඩා දෙගුණයකින් ඉහළ ගියේය.
රටට අවශ්‍ය ඉතිරි මිරිස් සියලු ප්‍රමාණයම ආනයනය කරනු ලබන අතර ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදු වී තිබේ.
කෙසේ වුවද මේ වනවිට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ හදුන්වා දී ඇති ද්විත්ව පේළි ක්‍රමය, නව තාක්ෂණික ක්‍රම හා විධි නිසා මෙරට නැවත වරක් මිරිස් වගාව මෙරට ගොවීන් අතර ජනප්‍රිය වෙමින් පවතී.
විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙන ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි MICH 1 හා 2 මිරිස් ප්‍රභේද දෙක හේතුවෙන් හෙක්ටයාර් එකකට ලබා ගත හැකි මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.
උණුසුම් පුවත්
- කටාර් ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
- මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්
- විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
- අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක්
- ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව
- හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
- මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –
- නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !