අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බවයි .
යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.