කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කලේ සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවයි .
සංචාරකයින්ගේ පහසුව පිණිස අද සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට තිබෙනවා.
නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර, බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- විදෙස් කතකගේ ජීවිතය පොලිසිය බේරාගනී
- අශෝක රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
- මෙරට ඩිජිටල්කරණය සදහා ලෝක බැංකුව නව ව්‍යාපෘතියක් අනුමත කරයි
- බදුල්ල – අඹේවෙල දුම්රිය ගමන අද සිට යලි ධාවනයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
- ආපදා සහන සම්බන්ධයෙන් ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යට ප්‍රශංසා
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බෙල්ලනගේ වැඩ තහනම්











