ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එමෙන්ම ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය සාකච්ඡාවට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරන ඇති මෙම අනුකාරක සභාව පසුගියදා එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා
එහිදී විදුහල්පති පළමුවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරේ සිටින සියලු නිලධාරීන් විදුහල්පති තනතුරම පමණක් දැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ සියලු සේවාවන්හි අවුරුදු හයක සේවා කාලයෙන් අනතුරුව ස්ථාන මාරුවීම්වලට යටත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු වූ බවයි.













