2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මකයි.
සංශෝධනය වූ විදුලි පජතින්,
ඒකක 30 ට අඩු 4.3%,
ඒකක 31-60 6.9%,
ඒකක 61-91 6.9%,
ඒකක 91-180 කාණ්ඩ තුනක් 7.2%,
ඒකක 180 වැඩි 25%
2026 වසරේ දෙවන කාර්තුව සඳහා 13.56% ක විදුලි ගාස්තු සංශෝධනයක් අපේක්ෂාවෙන්, පසුගිය පෙබරවාරි 13 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබුණා.
මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් සංශෝධනය වන අතර මාසිකව රුපියල් 15කින් සංශෝධනය වනවා.
31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් සංශෝධනය වී ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් සංශෝධනය වී තිබෙනවා.















