විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දී නොමැති බව එම කොමසමේ සභාපති මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතා පවසනවා.
අදාළ යෝජනාව මැයි මස පළමුවන දා කොමිසම වෙත ලබා දීමට නියමිතව තිබුණද විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව එම කාලය හෙට දිනය දක්වා දීර්ඝ කිරීමට කොමිසම තීරණය කර තිබුණා.
ඒ අනුව හෙට දිනයට පෙර එම යෝජනා ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.
අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සදහා වන ක්රියාදාමය ආරම්භ කරන අතර විදුලි බිල අඩු කිරීමේ ප්රතිශතය ජූලි මාසයේදී ප්රකාශ කළ හැකි බවද මහචාර්ය මංජුල ප්රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළා.