ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍යංශයේදීයි.
මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙහිදී සදහන් කර ඇත්තේ විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බවයි.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩුකිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය හා මණ්ඩලය සම්බන්ධ වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මෙම හමුව සඳහා සහභාගී වී තිබෙනවා.
උණුසුම් පුවත්
- රන් මිල තවත් පහළට
- නව ජාතික බුද්ධි ප්‍රධානී වැඩ අරඹයි
- නාරාහේන්පිට ගින්න මැඩපවත්වයි
- ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට
- ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට
- ශ්‍රී ලංකන් ගුවන් යානයකදී කාර්ය මණ්ඩලයට පහරදුන් මගියෙකු අත්අඩංගුවට
- කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
- මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම පිණිස ආයතනයක්









