ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමු වී අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.
ඒ සදහා මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහායද අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසියට සහභාගි වීමට ජිනීවා ගොස් සිටින අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොලකර් ටර්ක් මහතා අතර හමුවක් සිදු වුනා.
එහිදී මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
නව රජය යටතේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව හැරවුමක් ලබා ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














