අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11 ක අධ්‍යාපන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

මේ හේතුවෙන් එම පාසල්වල සිසුන් ඊයේ දිනයේදී නියමිත වෙලාවට පෙර නිවෙස් වෙත යැවීමටයි පාසල් බලධාරීන් කටයුතු කර තිබුණේ.

අධික වර්ෂාව හේතුවෙන් පංති කාමර ජලයෙන් යට වීම හා මාර්ගවල ගමන් කිරීමට ඇති අපහසුව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබුණා.

මේ අතර පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු ප්‍රදේශයේ පාසල්වලට අද දිනයේදී නිවාඩු ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content