පාදෙණිය අනුරාධපුර මාර්ගයේ වැරැල්ල හන්දියේදී සිදු වූ අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් වැරැල්ල හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු, එහි ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවක් වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ගමන්ගත් පිරිමි පුද්ගයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
රියදුරු සහ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මියගිය දෙදෙනා හා තුවාල ලැබූ කාන්තාව එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් සහ 61ක් වූ පොල්වත්ත, දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය කියා සිටියේ.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මහියංගණය පදියතලාව මාර්ගයේ උල්හිටිය පාසල අසලදී වර්ෂාව සහිත අවස්ථාවක මහියංගණය දෙස සිට පදියතලාව දෙසට ධාවන වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා දඹාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 62ක් වූ ධර්මරත්න මාවත අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













