වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් සොයා ගෙන තිබෙනවා.
ඒ, නාරාහේන්පිට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.
පරණ යෝක් විදියේ වෙළෙඳසැලක් තුළ සිදුකළ වැටලීමකදී කිලෝ පහ සහල් මිටි 3000ක් පමණ සඟවා තිබිය සොයා ගනු ලැබුවා.
මෙම සහල් තොගය ඉදිරියේ දී පැවැත්වෙන රාමසාන් උත්සවයේදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි මූලික විමර්වශනලදී අනාවරණය වී තිබෙන්නේ.
පාරිභෝගික අධිකාරිය මෙම සහල් තොගයට මුද්‍රා තැබුවා.
අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිලි ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය සහල් තොගය රාජසන්තක කිරීමටයි උපදෙස් දී තිබෙන්නේ.
ඒ අනුව අදාළ සහල් තොගය වෙන්දේසි කිරීමට පාරිභෝගික අධිකාරියට අවසර දී තිබෙනවා.