රටේ අත්‍යවශ්‍යම සේවාවලට අවශ්‍ය වන ගිලන් රථ, කසළ එකතු කරන ලොරි රථ, කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය කාර්මික වාහන ආදිය ආනයනය සඳහා ඔක්තෝබර් මාසයේදී අවසර හිමිවන බව රජය පවසනවා .
විශේෂ අවශ්‍යතා මත මෙම වාහන දැනටද වරින් වර යම් යම් සුළු ප්‍රමාණවලින් ආනයනය කෙරෙන බවයි රජය පවසන්නේ .
කෙසේ නමුත්, මෝටර් රථ, වෑන්, කැබ් ආදී පුද්ගලික වාහන ආනයනය සඳහා ලබන වසරේදී අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බව සදහන් .
ප්‍රථමයෙන් එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට ද රජය තීරණය කර තිබෙනවා .