මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක අත්අඩංගුවට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේදී මෙම වැටලීම සිදු ඇති අතර, එහිදී රු 5,000 ක මුදල් නෝට්ටු 10ක් සමඟ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පනස් දෙහැවිරිදි මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකකාරියගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ ව්‍යාජ රුපියල් 5,000 සේ මුදල් නෝට්ටු 25 ක්, රුපියල් 1,000 සේ නෝට්ටු 08 ක්, රුපියල් 100 යේ නෝට්ටු 01 ක් සහ රුපියල් 20 සේ නෝට්ටු 02 ක් සොයා ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












