Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා.”-ජනපති

    “වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා.”-ජනපති

    2024-07-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.
    කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.
    පෙර පුව​තගලෙන්බිදුණුවැව රක්ෂිතයක වැටලීමක් පුරා වස්තු ගැනීමට කැණිම් කල සැකකරුවන් හත්දෙනෙකුට වැඩ වරදියි (වීඩියෝ)
    ඊළඟ පුව​ත රාසමානික්කම් සහ සුමන්තිරන්හිරුණිකා බලන්න මැගසින් බන්ධනාගාරයට (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    2026-03-08

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group