මෙම වසර තුල දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 78 ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
වී නිව්ස් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීම් වලින් වෙඩිතැබීම් 58 ක් සංවිධානාත්මක අපරාධ සදහා සම්බන්ධ බවයි සදහන් වන්නේ.
මිය ගිය පිරිස අතරින් පුද්ගලයින් 37 දෙනෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














