මෙම වසර තුල දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 78 ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
වී නිව්ස් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීම් වලින් වෙඩිතැබීම් 58 ක් සංවිධානාත්මක අපරාධ සදහා සම්බන්ධ බවයි සදහන් වන්නේ.
මිය ගිය පිරිස අතරින් පුද්ගලයින් 37 දෙනෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- වප් පුර පසළොස්වක පොහොය අදයි
- උඩුනුවරදී මාලිමාවට අන්ත පරාජයක්
- පුංචිලෝකාන්තය නැරඹීමට ගිය පිරිසකට බඹර ප්‍රහාරයක්
- මනම්පේරී හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියූ අයට වැඩ වරදින ලකුණු
- අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්
- අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
- අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
- ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්