රැය පහන් වන තුරු පැල් රකිමින් සිට හිමිදිරියේ නිවසට එමින් සිටි ගොවි මහතෙකු වන අලි ප්රහාරයකට ගොදුරු වී මිය ගොස් ඇති
පුවතක් මැදවච්චිය කුඩා හම්මිල්ලෑව ගම්මානයෙන් වාර්තාවනවා .
මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චියේ ,පූනෑව කුඩා හල්මිල්ලෑව ප්දේශයේ පදිංචි 73 හැවැරිදි තිදරු පියෙක් .
අද උදෑසන 5.30 පමන මෙම ගොවි මහතා පැලේ සිට නිවස කරා පැමිණෙන අතරතුරෙදි මෙම වන අලි ප්රහාරයට ගොදුරු වී තිනෙවා.
වන අලි ගැටලුව පිළිබද නිසි බලධාරින් දැනුවත් කළද එයට කිසිදු විසදුමක් ලැබි නොමැති බවයි ගම්වාසින් පැවසුවේ .
මේ හේතුවෙන් අහිංසක ජනතාවගේ ජීවිත අවධානමක ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.