නියමිත කාලයේදී වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අවවාදාත්මක ලිපි යොමු කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසකට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මෙම ලිපි යොමු කර ඇති බවයි වාර්තා වුනේ.
සෑම මන්ත්‍රීවරයකුම වත්කම් බැරකම් පනත අනුව සෑම වසරකම මාර්තු 31 වන දිනට පැවතුණ සියලුම වත්කම් පිළිබඳ විස්තර සෑම වසරකම ජුනි මස 30 වැනිදාට පෙර කතානායකවරයාට භාරදිය යුතුව තිබෙනවා.