නොමිලේ වගා රක්ෂණ ක්රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදුවූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවි මහතුන් 79602 ක ප්රමාණයක් සඳහා රු.මිලියන 1640 කට ආසන්න මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
මෙහිදී ස්වභාවික ආපදා තත්වයන් වන ගංවතුර, අධික වර්ෂාව, නියඟය මෙන්ම රෝග, පලිබෝධ, වන අලි හානි වැනි තත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහාද රක්ෂණ ආවරණ ලබාදීම සිදුකරන අතර ඒ සඳහා ගොවි ජනතාවගෙන් කිසිදු අයකිරීමක් සිදු නොකර වගා හානි සඳහා වන්දි මුදල රජය දරනු ලබනවා.