මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා.
ලෝක වෙළෙඳ පාළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිල වැඩිවීමක් සිදු කළ යුතු වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම අවස්ථාවේදී මිල සංශෝධනයක් සිදු නොකරන බවය ලාෆ් ගෑස් සමාගමේ ප්‍රකාශකයෙක් පවසනවා.
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය එළැඹෙන සඳුදා දිනයේදී ප්‍රකාශ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1482කි.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වනවා.
මේ අතර ලාෆ් ගෑස් සමාගම ඊයේ(01) දින සිට ලාෆ් ගෑස් මිල සංශෝධනය කිරීමට පියවර ගනු ලැබුවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 4100ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4250 දක්වා රුපියල් 150කින් ඉහළ දමා තිබෙනවා.
කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1710ක්.













