එංගලන්තයේ, ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඊයේ දිනයේදී සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු කඩා වැටි ගිනි ගැනීමත් සමග එරට බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. එමෙන්ම තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳද කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොමැති බවද සඳහන්. මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් සූස් එක ( SUZ -1 )වර්ගයේ ගුවන් යානයක් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ ටැනිම්බාර්හි ප්‍රභල භූ කපනයක් !
- විපක්ෂ නායකගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් !
- හිතවත්කම් බැහැ – හරි විදියට වැඩ කරන්න අගමැතිනිය සැර වෙයි
- මැලේසියාවේ දී අල්ලපු පාතාල සෙට් එක ගැන හරිම තොරතුරු මෙන්න
- පරණ ලොක්කන්ගේ සල්ලි මගඩි හොයන්න ආණ්ඩුවේ ප්‍රභලයෙක් සාක්කි දෙයි
- මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තිදෙනෙක්ට ඇප
- හිටපු ඇමැති ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
- අජිත් පී. ගේ තැන මරික්කාර්ට