ලංගම බස් රියදුරෙක් නීති විරෝධී හෙරොයින් හා මත්පෙති සමග අත්අඩංගුවට හැටන් ලංගම බස් රථ රියදුරෙක් නීති විරෝධී හෙරොයින් මිලි ග්‍රෑම් 77 ක් හා මත්පෙති 02 ක් සන්තකයේ තබාගෙන සිටියදී නල්ලතන්නිය පොලීසිය මගින් 30දා රාත්‍රී නල්ලතන්නියේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රියදුරා හැටන් ඩිපෝව මගින් ධාවනය කරනු ලබන මරේ බස් රථයේ සේවය කරන බවත්, හෙතෙම හැටන් ඩිපෝවට අයත් නල්ලතන්නිය නගරයේ පිහිටි රියදුුරු කොන්දොස්තර නිවස්නයේදී මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවත් නල්ලතන්නිය පොලීසිය පවසනවා.
සැකකරු හැටන් වටවල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත්, හෙතෙම වසර 05 ක පමණ කාලයක් තිස්සේ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහිවූවෙක් බවත්, ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන නල්ලතන්නිය පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.













