ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.
ආජන්ටිනා ජනරජය , සිම්බාබ්වේ ජනරජය , ඊශ්‍රායලය , පිලිපීන ජනරජය ,ටජිකිස්තාන ජනරජය , කාම්බෝජ රාජධානිය සහ ඩෙන්මාර්ක් රාජධානිය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිනවා.
නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති මාරියානෝ අගුස්ටින් කව්චිනෝ මහතා , නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති ස්ටෙලා න්කොමෝ මහත්මිය , නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති රූවෙන් හවීයර් අසාර් මහතා නව තානාපති වරුන් ලෙස සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.
මීට අමතරව ධකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති නිනා පී. කයින්ග්ලට් මහත්මිය , නවදිල්ලියේ වාසික ටජිකිස්තාන ජනරජයේ තානාපති ලුක්මොන් බොබොකලොන්සෝඩා මහතා, නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති රත් මැනි මහත්මිය සහ නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති රස්මස් ක්‍රිස්ටෙන්සන් මහතාද නව තානාපතිවරුන් ලෙස මෙහිදී අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.
උණුසුම් පුවත්
- කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
- රටින් පැන්න පාතාලයන්ට පොලිසියෙන් රතු එළි ! – VIDEO –
- චීන ජනපති සහ අගමැති හරිණි අතර හමුවක් !
- නිශාන්ත උළුගේතැන්නට ඇප
- වැඩි මිලට භාණ්ඩ අලෙවි කල වෙළඳුන්ට වැඩ වැරදියි
- රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි
- නොමිලේ වීසා හිමි විදේශිකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍ර අනිවාර්යයයි
- ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයාට ස්ථාන මාරුවක්