රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි.
යුක්‍රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිසැක වශයෙන්ම ප්‍රිතිචාර දක්වන බවද ඔහු සදහන් කර තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහුද සදහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බවයි.
මේ අතර යුක්‍රේනය වෙත තව දුරටත් ආයුධ සැපයීම සදහාද තමන් යළිත් අවධානය යොමු කර ඇති බවයි එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ට්‍රම්ප්ගේ බදු අඩු කිරීම ගැන එජාපයෙන් නිවේදනයක්
- ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
- ලොකු පැටී යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
- බදුල්ල – එළදළුව කන්දේ ගින්නක්
- ඇමරිකාව පනවා තිබු තීරු බදු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී හර්ෂගෙන් ප්‍රකාශයක්
- හිටපු ඇමැති එස්.එම්.ට ඇප
- එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡා සාර්ථකයි – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි
- VIDEO : ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්