ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික කාන්තාවක් 11/07 දින ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි , නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් , විවිධ භාණ්ඩ වර්ග මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින පුද්ගලයෙකි .
ඔහු 11/06 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු එරට දී ග්‍රෑම් 118 යි මිලි ග්‍රෑම් 980 ක් බරැති රත්තරන් පෙන්ඩන්ට් 04 ක් මිළදී ගෙන තිබේ .
එම පෙන්ඩන්ට් 04 , අත පිසිනා කඩදාසි ලේන්සු දෙකක ඔතා , බ්‍රවුන් පේපර් කඩදාසි බෑගයක බහා ඇත්තේ , පිටතට චොක්ලට් ලෙස පෙනෙන පරිදිය .
ඔහු විසින් රැගෙන ආ අනෙකුත් භාණ්ඩ තොගය , ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයක පටවා , ඔහු හදුනන තවත් ව්‍යාපාරික කාන්තාවක් වෙත , ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලෙස පවසා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දී භාර දී තිබේ .