රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පවසනවා.
පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන් 30,000 ක් බඳවාගැනීමට ප්‍රතිපාදන වෙන් කළ බව ද අමාත්‍යවරයා සදහන් කළා.
එහි එක් පියවරක් ලෙස දීපව්‍යාප්ත සේවා සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය ඇතුළු අත්‍යව්‍යශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලිය එලෙස ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කර ලද අනුකමිටුවේ නිර්දේශ මත 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විජිත හේරත් අතර හමුවක්
- ආයුර්වේදයට නව කොමසාරිස්වරියක්
- ගත වූ පැය 24 තුළ පොලිස් විශේෂ මෙහෙයුම්වලින් 736 ක් අත්අඩංගුවට
- නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
- රංජිත් වීරසිංහට රුසියානු රාජ්‍ය සම්මානයක්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි











