රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප වැඩි කළ යුතුව ඇති බවයි.
ජා ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප රැපියල් විසි දහසකින් පමණ ඉහළ යනු ඇති බවයි.
මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බැවින් සිංහල දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ අනෙකුත් ආනයනික භාණ්ඩවල මිල ගණන් පහත වැටෙන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුවීමක් දක්නට ලැබුණා.
ඒ අනුව එහි වාසිය පාරිභෝගික ජනතාවට සෘජුවම හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.