මෙරට සෞඛ්‍ය සේවාවේ ඖෂධ තත්ත්වය පිළිබද විශේෂ මාධ්‍ය හමුවක් අද (30) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.