ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
NDTV – Global Summit සැසිවාරය අමතමින් ඇය මේ බව සදහන් කළා.
එහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ ජනප්‍රියත්වය මූලික කරගත් නායකත්වයක් නොව අභිවෘද්ධිය අරමුණු කරගත් නායකත්වයකින් රට ඉදිරියට යන බවයි.
තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙන්ම එහි සීමාවන් සහ අවදානම අවබෝධ කරගත යුතු බව ද අගමැතිනිය මෙහිදී අවධාරණය කළා..
ශ්‍රී ලංකාව විනිවිද භාවය තුළින් සමාජ ප්‍රගතිය අත්පත් කරගනිමින් සිටින බව සඳහන් කළ ඇය ඒ සඳහා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක මෙන්ම යහපත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාවයද ඉස්මතු කර සිටියා.
NDTV – Global Summit ඉන්දියාවේදී පැවැත්වුණේ හිටපු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, හිටපු ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්..
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














