ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත්කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වූ බව සඳහන්.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොලගොඩ ජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරනු ලබනවා.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයද දරනු ලබන උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයද හොබවා ඇති බව සඳහන්.