රඹුක්කන, අලගල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ලඟා වූ පොලිස් නිලධාරින් හා ප්රදේශවාසින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
විමර්ශන නිලධාරින් අදාළ ස්ථානය වෙත යන අවස්ථාවේ ගම්වාසීන් විසින් රඳවාගෙන සිටි පුද්ගලයින් 07 දෙනෙකු මෙම ගිනි තැබීමට සැක බවට පවසමින් පොලීසිය වෙත භාර දී තිබුණා.
මෙම සැකකරුවන් අලගල්ල කන්ද රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සිද්ධියට සැකපිට තරුණයන් 07 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන කඩුගන්නාව, පිලිමතලාව, හන්දෙස්ස හා බලන ප්රදේශවල පදිංචිකරුවන්.
කෙසේවෙතත් රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.