යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කෑගල්ල, අවිස්සාවේල්ල මාර්ගයේ මත්තමගොඩ තලෝවිට ප්‍රදේශයේදී මෙලෙස යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන දෙදරු පියෙක් අනතුරෙන් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා විදේශගතවීමට අවශ්‍ය කරන ලිපි ලේඛන සූදානම් කර යළි යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













