Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යක්කල පහරදීමේදී පොලිසිය ආපු විදිහ ගැන තොරතුරු ඉල්ලයි

    යක්කල පහරදීමේදී පොලිසිය ආපු විදිහ ගැන තොරතුරු ඉල්ලයි

    2025-09-04කියවීමට මිනිත්තු 3ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යක්කල පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයට ජවිපෙ පිරිස් පහරදීමේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය හා ඊට අදාළ තොරතුරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස්පතිවරයාගෙන් විමසීමට අද (04) ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පොලිස් මූලස්ථානය වෙත ගොස් තිබෙනවා.

    එහිදී පොලිසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විස්තර ලබාගැනීමට අදාළ ලිපියක්ද පොලිස්පතිවරයා වෙත භාරදුන් බවයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසන්නේ.

    එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මෙලෙස කියා සිටියා.

    “පසුගිය සැප්තැම්බර් 02 දා යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ ආණ්ඩුවේ මැර කණ්ඩායමක් කාර්යාලයේ රැඳී සිටි අයට පහරදීලා එම ස්ථානය බලහත්කාරයෙන් අත්පත්කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් මෙම පහරදීමට ඍජුව සම්බන්ධ වෙලා හිටියා. අපි අද පොලිස්පති කාර්යාලයට ආවේ මේ සම්බන්ධයෙන් වූ තොරතුරු ප්‍රමාණයක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න.

    මොකද මෙම පහරදීම ආරම්භ වෙලා සුළු මොහොතකින් ඒ ස්ථානයට පොලිසියේ විශාල පිරිසක් පැමිණියා. එතකොට අපි අහන්නේ කවුද මේ පොලිස් කැඳවීම කලේ? අනිත් එක තමයි මේ අවස්ථාවේ පොලීසිය හැසිරුණු ආකාරයත් ප්‍රශ්න සහගතයි. ගම්පහ, යක්කල, වීරගුළ වගේ ස්ථාන රැසකින් පොලීසිය ඇවිත් තිබුණා. ඒ පොලීසිය ආපු රථවාහනවල ඡායාරූප අපි ළඟ තියනවා. එස් ටී එෆ් බස් රථයක් පවා එතනට ආවා. මෙච්චර ලොකු මෙහෙයුමක් පැය කිහිපයක් ඇතුළත කරන්න පොලීසියට ඕඩර් එක ආවේ කාගෙන්ද කියන ප්‍රශ්නය අපිට තියනවා.

    මේ කාර්යාලයේ අපේ පුස්තකාලයට අයත් පොත්පත් දෙදහකට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව ලැප්ටොප් පරිගණක ඇතුළේ අපේ පක්ෂයට අයත් බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ තිබුණා. අපි මේ බඩුටික ගන්න පොලීසියෙන් ඉල්ලීම් කළත් ඔවුන් කිව්වේ අපිට ඒ සඳහා අවස්ථාව දෙන්න බැහැ කියලා. මේක පක්ෂ දෙකක් අතර ප්‍රශ්නයක් ඒ නිසා පොලීසියට මැදිහත් වෙන්න බැහැ කියලා තමයි දිගින් දිගටම පොලීසිය කිව්වේ. නමුත් අපිට තියනවා ප්‍රශ්නයක්.

    දැන් මේ මෙහෙයුමට රජයේ වාහන භාවිතා වුණා. පොලීසිය එස් ටී එෆ් එක ඇතුළු විශාල ප්‍රමාණයක් ආවා. බැරියර් පවා ගෙනාවා. එතකොට ඒවට මුදල් කොහෙන්ද ? මේක එහෙම නම් රාජ්‍ය දේපළ අවභාවිතක් නෙවෙයි ද ? ඒ නිසා තමයි අපි අද පොලිස්පතිවරයාගෙන් මේ ගැන තොරතුරු ලබාදෙන්න කියලා ඉල්ලමින් ලිපියක් බාර දුන්නේ. අපි හිතනවා දින 14 ක් ඇතුලත ඊට අදාළ තොරතුරු අපිට ලබාදෙයි කියලා.

    අනිත් කාරණය තමයි අපිට රටේ ජනතාවටත් මේ ගැන කියන්න දෙයක් තියනවා. අපි දැක්කා ආණ්ඩුව මේ සිද්ධිය සම්පූර්ණ නීත්‍යානුකූල විදිහට වුණ දෙයක් විදිහට මාධ්‍ය අරහා හුවා දක්වනවා. නමුත් අපි දැක්කා මේ කටයුත්ත සම්පූර්ණයෙන් වුනේ නීතිවිරෝධීව සහ මැර බලය පාවිච්චි කරමින්. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අවුරුදු 14ක් මේ කාර්‍යාලයේ හිටියා.

    මැතිවරණ දෙපාර්තුමේන්තුවේ පවා මෙම ස්ථානය ලියාපදිංචි වෙලා තියනවා. අපේ සියලු වෘත්තීය සමිති නිල ලිපිනය විදිහට පාවිච්චි කරන්නේ මේ කාර්යාලය. ඒ නිසා අපිව දැනුවත් නොකර ගත්ත ඒක පාර්ශවීය නඩු තීන්දුවක් පෙන්නල දැන් ආණ්ඩුව පිරිසිදු වෙන්න බලනවා. නමුත් ඇත්ත කතාව තමයි පෞද්ගලික දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා ඒ දේපළ පැහැරගැනීම තමයි ආණ්ඩුව කලේ.

    ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මෙවැනි නින්දිත කටයුතුවලට ඉඩ තියන්න එපා. මේ ආණ්ඩුව දැන් ඉන්නේ බලයෙන් හිස් උදුම්මගෙන. තමන්ට හිතුණ හිතුණ දේ කරනවා. නීතිය අවභාවිතා කරනවා විතරක් නෙවෙයි ජනතාවගේ දේපළ බලහත්කාරයෙන් පැහැරගන්නවා.

    මුත්තු නගර් මන්නාරම වගේ ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් පැහැරගෙන ඉන්දියාවට විකුණන්න යන්නෙත් මේ විදිහට. ඒකට ඉඩ දිය යුතු නැහෑ. ඒ නිසා මේ අත්තනෝමතික ක්‍රියාවට එරෙහිවන එකතු වෙන්න කියලා අපි රටේ සියලු දෙනාට ආරාධනා කරනවා. ”

    පෙර පුව​තධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරි රථයක් පොලිස් භාරයට
    ඊළඟ පුව​ත ගංජා පානය කර සිටි බස් රථ රියදුරෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group