හැටන් කොටගල නගරයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.
හැටන්-නුවරඑළිය මාර්ගයේ කොටගල රොසිටා ප්‍රදේශයේදී අද (24) දින උදෑසන 9.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
පන්නිපිටිය සිට නුවරඑළිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් කොටගල රොසිටා ප්‍රදේශයේ සිට හැටන් දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවන වූ ලොරි රථයකට ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති වුවද අනතුරින් මෝටර් රථයට සහ ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
මෝටර් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ වත්වන දිඹුලපතන පොලිසියේ නිලධාරීන් කියා සිටියේ.













