මෙරට ඉංජිනේරුවරුන්ගේ නිර්මාණයක් වන තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂය ගත කිරීමට නියමිතයි.
බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි ලෙස නම්කර ඇති මෙම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන යාමටයි කටයුතු කෙරුණා.
2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාව කක්ෂය ගත වුණා.
එමෙන්ම 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාව ද කක්ෂගත කෙරුණා.
මෙම චන්ද්‍රිකාව අද පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂය වෙත මුදා හැරීමට නියමිතයි.