භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජුනි මස 04 වනදා පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා.
එහිදී රුපියල් මිලියන 167500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
එහිදී දින 91න් 182න් සහ දින 364න් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.
ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 22,500ක් වටිනා භාණ්ඩාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.
එසේම රුපියල් මිලියන 55,000ක් වටිනා දින 182න් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
මෙදින වෙන්දේසියේදී දින 364න් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කෙරෙනවා.