මැතිවරණ කල් දැමීමට හවුල්වන සියලු පාර්ශව නීතිය හමුවට ගෙනයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගය සංවිධානය කර තිබු ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
රටේ සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
හඬ පට ධාවකයහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මැතිවරණය සම්බන්ධයෙන් මහනුවරදී අදහස් පලකළා.
මාධ්‍යවේකු යොමු කළ පැනයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඕනෑම මොහොතක මැතිවරණයකට මුහුණ දීමට තම කණ්ඩායම සුදානම් බවයි.
හඬ පට ධාවකයරටේ ජනතාවගේ ජන බලය සමග කුමන්ත්‍රණවලට මුහුණ දෙන බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් මෙම අදහස් පලකළා.
හඬ පට ධාවකය