මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාවට අයත් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව මාලදිවයින් ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු ඊයේ සිය භාරයට ගෙන තිබුණා.
අදාළ යාත්‍රාව මේ වන විට මාලදිවයින වෙත රැගෙන එමින් ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවරයින් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් මේ වන විටත් මාලදිවයින වෙත පිටත්ව ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










