සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීවයි.
මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන වන බවයි වාර්තා වුනේ.
එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අත්‍යවශ්‍ය වනවා.
මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බවයි මාලදිවයින් රජය සඳහන් කරන්නේ.
තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරනවා.
උණුසුම් පුවත්
- වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකට කථානායකගෙන් අවවාද
- හොරණ විශේෂ රථ වාහන පරීක්ෂාවක්
- පොලිසියේ පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු සංගම්වලින් සාධනීය යෝජනා
- අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡා
- මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට ඇප
- ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිලට වෙච්චි දේ
- ලාංකිකයන් සඳහා රටවල් රැසකින් විශාල රැකියා අවස්ථාවන්