මින්නේරිය පොලිස් වසමේ රොටවැව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රී කාලයේදී මින්නේරිය, රොටවැව ප්‍රදේශයේ නිවසක් තුළදී සිදු වූ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවට මින්නේරිය පොලිස් ස්ථානයට තොරතුරු ලැබී ඇති බවයි.
රොටවැව ගල්ඔය හන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් පමණ වන අයෙක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
යාබද නිවසක පදිංචිව සිටින තම සහෝදරියට ඇයගේ මන්ද මානසික රෝගී තත්ත්වයෙන් සිටින පුත්‍රයා විසින් පහරදෙන බවට දැනගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට සහෝදරියගේ නිවසට මරණකරු ගිය අවස්ථාවේදී සහෝදරියගේ එම පුත්‍රයා විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහරදීමෙන් තුවාල ලැබූ සැකකරුගේ මව හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මින්නේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














