ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව අද සිට හදුන්වාදෙන එක් දින ප්රතිපත්ති පොලී අනුපාතිකය සියයට අටේ මට්ටමේ පවත්වා ගැනීමටයි ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.
ද්විත්ව ප්රතිපත්ති පොලී අනුපාතිකය වෙනුවට තනි ප්රතිපත්ති පොලී අනුපාතිකයක් ක්රියාත්මක කරන බව මහ බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේ ඉදිරිපත් කළ වාර්ෂික ප්රතිපත්ති ප්රකාශය මගින් අනාවරණය කළා.