මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.
එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.