මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද දිනයේ සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටස මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.
මේ හේතුවෙන් එම දින 14 තුළදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතු වනවා.
එමෙන්ම මෙම කාලසීමාව තුළදී කුරුණෑගල සිට මීරිගම දක්වා ගමන්කරන රථවාහන මෙලෙස අලුත්වැඩියාව සිදුකරන කොටසේ එක් මංතීරුවකට පමණක් රිය ධාවනය සීමා කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි













