මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ වැඩකටයුතු ඉදිරි මාස 03 තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මධ්‍යම අධිවෙීගී මාර්ග ව්‍යාපෘතියේ 1 කොටස සඳහා ඉඩම් අහිමි වූ, මීරිගම හා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට අයත් ඉඩම් ලාභින්ට වෙනුවෙන් නව ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මෙහිදී ඉඩම් හිමිකම්ලාභීහු 16 දෙනෙක් වෙත හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණු අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැමිණි පිරිසට සිය ස්තුතිය පුද කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසුවා,
කඩවත – මීරිගම, මීරිගම – කුරුණෑගල, පොතුහැර – රමුක්කන, රඹුක්කන – ගලගෙදර වශයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් 4 කින් සමන්විතයි.