මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .
එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති .
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන් කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම මත මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවන ලැබුවා.
ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඔස්සේ කඩවත සහ මීරිගම අතර දුර කිලෝමීටර් 37ක් වනවා.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













