මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .
එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති .
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන් කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම මත මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවන ලැබුවා.
ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඔස්සේ කඩවත සහ මීරිගම අතර දුර කිලෝමීටර් 37ක් වනවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














