මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදී කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී ඇති බවයි.
එබැවින් මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් අලවිය 40%කින් අඩුවී තිබෙනවා.
තවද පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවයි කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කලේ.
කෙසේවෙතත් සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු හේතුවෙන් මිල අඩු කිරීමට නොහැකි බවයි මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ .
උණුසුම් පුවත්
- Казино – Официальный сайт Pin Up Casino Входи и играй.5512
- ගංජා වවලා මාට්ටු වෙයි
- පුරාවස්තු බවට සැක පාෂාණයක් සමග පිරිසක් අත්අඩංගුවට
- ඇසිඩ් ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට – දරුවෙක් රෝහලට
- казино – Официальный сайт Pin up играть онлайн Зеркало и вход.2385 (2)
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකුට දිවි අහිමි වෙයි
- කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
- රට තුල පොහොර හිගයක් නෙමැති බවට සහතිකයක්











